ඒ ඔහුගේම නිර්මාණාත්මක දැක්මක් සහ අධීක්ෂණයක් යටතේ "UNIFYD" නමින් අතිදැවැන්ත ඉන්දීය සංගීත උළෙලක් ලබන වසරේදී අබුඩාබි නුවරදී ආරම්භ කිරීමට පියවර ගැනීමත් සමඟයි.
ලබන වසරේ මාර්තු 20 වැනිදා අබුඩාබියේ යාස් දූපතේ පිහිටි 'Etihad Live' හිදී මෙම සුවිශේෂී සංගීත සැණකෙළිය පැවැත්වීමට නියමිතයි. ඉන්දීය සංගීතය සහ සංස්කෘතිය ලෝකයට ගෙන යන මෙම එක්දින දැවැන්ත ප්‍රසංගය සඳහා වේදිකා කිහිපයක් ඔස්සේ සුපිරි කලාකරුවන් 15 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
මෙම ප්‍රසංගයේ වඩාත්ම කතාබහට ලක්වන විශේෂත්වය වන්නේ, ඉන්දියාවේ සිටින අතිශය ජනප්‍රියම ගායන තරු ත්‍රිත්වයක් වන අරිජිත් සිං , කරන් අවුජ්ලා සහ ප්‍රවීණ ගායක සෝනු නිගම් එකම දිනයකදී ප්‍රසංග වේදිකාවට ගොඩවීමයි. විශේෂයෙන්ම සෝනු නිගම් මෙවැනි දැවැන්ත සංගීත සැණකෙළියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීමත් කැපී පෙනෙනවා.
මීට අමතරව Jonita Gandhi, Shalmali Kholgade, Patiala Mehfil, Simran Choudhary, Nooriyah ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් රැසක් හින්දි සිනමා ගීත, පන්ජාබි සංගීතය ඇතුළු විවිධ සංගීත ආරයන්ගෙන් මෙම වේදිකාව හැඩ කිරීමට නියමිතයි.
මෙම දැවැන්ත වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශාරුක් ඛාන් පවසා ඇත්තේ මෙවැන්නක්,
"මම මගේ ජීවිත කාලයම ගත කළේ තිරය මත කතා කියන්න සහ ඒ හරහා මිනිස්සුන්ව එකතු කරන දිහා බලාගෙනයි. සංගීතයටත් ඒ හා සමානම පුදුමාකාර බලයක් තියෙනවා. මෙම සංගීත උළෙල එහි විශාලත්වයෙන්, ජවයෙන් සහ අභිමානයෙන් සැබෑම දැවැන්ත අත්දැකීමක් වනු ඇති."
ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට අයත් බව කියන D'YAVOL Live සහ District ආයතන එක්ව අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මෙය නිෂ්පාදනය කරනු ලබනවා. අබුඩාබියේ පැවැත්වෙන මෙම පළමු ප්‍රසංගයෙන් පසුව ලොව පුරා වෙනත් ප්‍රධාන නගර වෙතද UNIFYD ප්‍රසංග මාලාව ව්‍යාප්ත කිරීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර District ඇප් එක හරහා පමණක් නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.