මෙම ඇත් රාජයාට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියඹලාන්ගමුව වෙත ගොස් ඇති අතර, එහිදී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිදු කෙරුණු අවසන් කටයුතු සඳහාද ඔහු එක් වෙලා තියෙනවා.
කාවන්තිස්ස ඇතාගේ වියෝව සම්බන්ධයෙන් සිය නිල මුහුණුපොතේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා දැඩි සංවේගය පළ කර තිබුණා. ඔහු සිය සටහනින් පවසා තිබුණේ...
"දැදුරු ඔය නිම්නයේ ඇත් පරපුරට අයත් මහේශාක්‍ය ඇත් රාජයකු වන කාවන්තිස්ස මහ ඇතු ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. අද දහවල් කාවන්තිස්ස මහ ඇතුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ අවසන් කටයුතු සියඹලාන්ගමුවේ දී සිදු කරන ලදි. මෙම අවස්ථාව හා එක්වී කාවන්තිස්ස මහ ඇතු වෙනුවෙන් මහා සංඝරත්නය සමඟ පාංශුකූල ආගමික වතාවත්වල නිරත වී පිං පැමිණිවීමට ද කටයුතු කළෙමි. දශක 3ක කාලයක සිට අප දෙදෙනා අතර වූ ඒ බැදීම අවසන් වුවත් කාවන්තිස්ස මහ ඇතු සම්බන්ධයෙන් ඇති මතකය කිසිදා නොමියෙනු ඇත. ඔබට නිවන් සුව අත්වේවා" යනුවෙනි.