ඉතින් ඇයගේ ජීවිතයේ විශේෂම දවසක් වන අද , ඇය සිය උපන්දිනය ඉතාමත් ආදරයෙන් සමරා තිබෙනවා.
උපන්දිනය වෙනුවෙන් ඇය සමාජ මාධ්‍ය වෙත අපූරු සටහනක් එක් කරමින්, තමන්ට ලැබුණු පුදුමයට පත් කිරීම් සහ හදවතටම වැදුණු ආදරණීය මතකයන් රසිකයන් සමඟ මෙලෙස බෙදාගෙන තිබුණා...
"මගේ උපන්දිනය දවසේ උදේම මාව පුදුමයට පත් කළේ මගේ පොඩි නංගි සහ මගේ පවුලේ අයයි. අද නම් මම ඇත්තටම පුදුමයටත්, සතුටටත් පත් වුණා. ඒ වගේම මගේ නැන්දාඅම්මාත් අද උදේම එයාගේ තෑග්ග නිසා මාව ඇඬෙව්වා.
අද මට හිතුණා මම ඇත්තටම හරිම වාසනාවන්ත දරුවෙක් කියලා. මොකද මට මගේ අම්මා, තාත්තා, නංගිලා, මගේ හස්බන්ඩ්, මස්සිනා වගේම මගේ ආදරණීය රසික අම්මාත් ඉන්නවා, මේරිල් තාත්තා, ඔයාලා හැමෝම එකතු වෙලා මට දුන්න මේ ලස්සන Surprise එකටත්, ආදරයෙන් දුන්න තෑගිවලටත් ගොඩක් ගොඩක් ස්තූතියි.
මට වචනවලින් කියාගන්න බැරි තරම් සතුටුයි. මගේ ජීවිතේ වටිනාම තෑග්ග තමයි මට මෙච්චර ආදරය කරන ඔයාලා හැමෝම. මගේ ජීවිතේ ලස්සන කරන්නේ මට ලැබෙන තෑගිවලට වඩා, ඒ තෑගි පිටුපස තියෙන ඔයාලගේ ආදරයයි.
මගේ ජීවිතේට මෙච්චර ආදරයක් දුන්න ඔයාලා හැමෝටම ආදරෙයි. මගේ වාසනාවට ඔයාලා හැමෝම ඉන්නවා..."
