ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන සාමාන්‍ය ලියාපදිංචි අංක වෙනුවට, තමන්ගේ පුද්ගලික නමක් හෝ ව්‍යාපාරයේ නමක් ඇතුළත් කළ හැකි විශේෂ අංක තහඩු හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමකදීයි මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත්තේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, වාහන හිමියන්ට සාමාන්‍ය ලියාපදිංචි අංකය වෙනුවට තමන්ගේ නම, කැමති නමක් හෝ තමන්ගේ ව්‍යාපාරයේ නම ඇතුළත් විශේෂ අංක තහඩු ලබාගැනීමට රජයෙන් අවස්ථාව හිමිවනු ඇති.
මෙමඟින් වාහන හිමියන්ට වැඩි තෝරාගැනීමේ අවස්ථා ලැබෙන අතරම, රජයටද විශාල අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මඟින් සපයන සේවාවන් වැඩිදියුණු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.
කෙසේ වෙතත්, මෙම ක්‍රමය සමාජයට මුදා හැරීමට පෙර ඊට අදාළ තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක කරුණු පිළිබඳව පුළුල් ඇගයීමක් සිදුකළ යුතු බව නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.