ගල්ගමුව, උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ වෙල්යායක අසරණව, රෝගාතුරව වැටී සිටි අවස්ථාවේදී අද උදෑසන මෙම දැවැන්ත හස්තිරාජයාව සොයා ගනු ලැබුවා.
පශු වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන්, යුද හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් ඇතුළු දහස් ගණනක් පිරිස එක්ව මේ අහිංසක ජීවිතය බේරා ගැනීමට අද දවස පුරාම නොසෑහෙන්න මහන්සි වුණා. සවස් කාලය වන විට සෞඛ්‍ය තත්ත්වය යම්තාක් දුරට සුව අතට හැරෙමින් පවතින බවට ආරංචි ලැබෙද්දී, මුළු රටම සුසුම් හෙළුවේ ලොකු බලාපොරොත්තුවක් හදවතේ තබාගෙනයි.
නමුත්, ඒ සියලු ප්‍රාර්ථනාවන් සුන් කරමින්, ස්පර්ශ කළ සෑම හදවතක්ම කඳුළින් තෙමමින්, ලංකාවේ සිටි උසම සහ ලස්සනම වන අලියා වූ කාවන්තිස්ස හස්තිරාජයා සදාකාලිකවම නිහඬ වී තිබෙනවා.