විදෙස්ගතව සිටියදී තමන්ගේ උපන්දිනය සැමරූ ඔහු, ඒ විශේෂ දවස වෙනුවෙන් මුහුණුපොතට එකතු කර තිබූ සටහනක් මේ වන විට රසිකයන් අතර දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
සිංගප්පූරුවේ සිට සිය රසිකයන් සමඟ එම සුන්දර මතකය බෙදාහදා ගනිමින් නලින් පෙරේරා තබා තිබූ සටහන...
"මගේ උපන්දිනය දවසේ, මගේ ජීවිතයේ ලැබුණු සෑම ආශීර්වාදයක්ම, සෑම අභියෝගයක්ම සහ සෑම සුන්දර මොහොතක්ම වෙනුවෙන් දෙවියන් වහන්සේට මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. දෙවියනි, සියල්ලටම ස්තූතියි"
සෑමදාම තම ගීතවලින් රසික හදවත් සතුටු කරන ආදරණීය නලින් පෙරේරාට, උපන්දිනය දවසේ ලොව පුරා විසිරී සිටින ඔහුගේ ආදරණීය රසිකයන්ගෙන්ද සුබ පැතුම් රැසක් හිමි වී තිබෙනවා.