තමන් කරන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කරන ශලනි, විලාසිතා පැත්තෙන් වුණත් හැමවෙලේම අලුත් ආරක් ගන්නා බව කාටත් රහසක් නෙවෙයි.
පසුගිය දිනවල කලා ක්ෂේත්රයේ කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය රංගන ශිල්පී චතුරංග සහ දුශේනිගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ශලනි තාරකාද එක්ව සිටියා. එහිදී කාගෙත් නෙත් සිත් පැහැරගන්නා අයුරින් අතිශය චාම් සහ රාජකීය පෙනුමකින් යුත් රෝස පැහැති දිගු ගවුමකින් සැරසී සිටීමට ඇය කටයුතු කර තිබුණා.
මංගල උත්සවයේ පැමිණ සිටි සියලු දෙනාගේම විශේෂ අවධානය ශලනි වෙත යොමුව තිබූ අතර, ඇයගේ නිවුණු පෙනුම, සරාගී බව සහ ආත්ම විශ්වාසය ඒ අතරින් කැපී පෙනුණා.
තමන්ගේ මේ අපූරු විලාසිතාව පිළිබඳව සමාජ මාධ්‍ය වෙත ඡායාරූප එක්කරමින් ශලනි සටහනක් තබා තිබුණේ, "A little lavender.., a little luxury, and a whole lot of confidence." (පුංචි ලැවෙන්ඩර් සුවඳක්, පුංචි සුඛෝපභෝගී බවක් සහ පිරුණු ආත්ම විශ්වාසයක්) යනුවෙනි.
මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ශලනිගේ මෙම ඡායාරූප පෙළට රසික රසිකාවියන්ගෙන් අතිවිශාල ආදරණීය ප්‍රතිචාර සහ ප්‍රශංසා නොමඳව ගලා එමින් පවතිනවා.