ඒ තමයි අපි කවුරුත් රස කර කර කන දෙළුම් පලතුර. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සහ ඉපැරැණි හෙළ වෙදකමට අනුව දෙළුම් කියන්නේ රෝග රැසකටම ගුණ දෙන වටිනාම ඖෂධයක්.
ආයුර්වේදයේදී දන්ත බීජ, මනි බීජ හෝ නීල පත්‍ර යන නම්වලින්ද හඳුන්වන දෙළුම් ගසේ මුළු පංචාංගයම විවිධ ප්‍රතිකාර සඳහා යොදාගැනීම විශේෂත්වයක්.
හදවතට සහ රුධිරයට කරන පුදුම මෙහෙය මෙන්න..
දෙළුම්වල ඇති සුවිශේෂීම ගුණය වන්නේ එහි බීජ මිරිකා ගන්නා යුෂ හෘද වස්තුවට බෙහෙවින් හිතකර වීමයි. හෘදයේ යම් දුබලතාවක් හෝ ක්‍රියාකාරිත්වයේ අඩපණ බවක් ඇත්නම් එය දුරු කර හදවත ප්‍රාණවත් කිරීමේ පුදුමාකාර හැකියාවක් දෙළුම් සතුයි. එමෙන්ම දෙළුම් යුෂවලට මී පැණි මිශ්‍ර කර පානය කිරීමෙන් ශරීර ශක්තිය සහ කාය බලය ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා.
රුධිරයේ සංඝටක හීන වීම, අක්මාව ආශ්රිත රෝග, නිතර දැනෙන ක්ලාන්තය, කරකැවිල්ල සහ ඇඟපත අප්‍රාණික බව මඟහරවා ගැනීමට දෙළුම් පැණි පානය කදිම විසඳුමක් බවයි වෛද්‍ය මතය වන්නේ.
මුළු ගසම ලෙඩ රැසකට ඖෂධයක්,
නහයෙන් ලේ ඒමට: දෙළුම් මල් නාසයෙන් ලේ ගැලීමට (නාසාගත රක්ත ශ්‍රාවය) ඉතාම ගුණදායකයි.
ඇස් රෝගවලට: දෙළුම් පත්‍ර හොඳින් සෝදා තම්බා පෙරාගත් ජලයෙන් ඇස් සේදීම මඟින් ඇස්වල කැක්කුම, නඟන, කබ සහ නිතර කඳුළු ගැලීම සුවපත් වේ.
මුඛයේ තුවාලවලට: දෙළුම් කොළ සහ පොතු තම්බා පෙරාගත් වතුරෙන් කට සේදීමෙන් මුඛයේ හටගන්නා තුවාල ක්ෂණිකව සුව කරගත හැකියි.
ලේ අතීසාරය සහ අර්ශස්වලට: දෙළුම් ලෙලි හොඳින් තම්බා පෙරා, නිවුණු පසු මී පැණි ස්වල්පයක් දමා බීමෙන් ලේ අතීසාරය සහ මල සමඟ ලේ පිටවීම වැනි රෝග තත්ත්වයන් නිට්ටාවටම සුවවන බව පැරැණි හෙළ වෙදකමේ සඳහන් වේ.
මාස 6ට වැඩි බිළිඳුන්ට පවා ඉතා හිතකර, මෙවන් ගුණ සපිරි දෙළුම් ගසක් ඔබේ ගෙවත්තේත් වවාගෙන දෛනික ආහාර වේලට එක්කර ගැනීම නිරෝගී දිවියකට හොඳම ආයෝජනයක්!