ප්‍රංශයේ කොකුවෙල්ස් (Coquelles) ප්‍රදේශයේ පිහිටි පිවිසුම් පරිශ්‍රයේදී කුඩා මගී බස් රථයක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වාර්තා වන අන්දමට මෙම කුඩා බස් රථය තුළ ගමන් කර ඇත්තේ ලොරි රථ රියදුරන් පිරිසක්. වාහන සහ භාණ්ඩ දුම්රියට පටවන වේදිකාව (Loading Platform) අසලදී, ගමන් ආරම්භ කරමින් තිබූ දුම්රියක මෙම බස් රථය ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, තත්ත්වය බරපතළ වූ බැවින් ඔවුන්ව හෙලිකොප්ටර් යානා මඟින් වහාම විශේෂිත රෝහල් වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා. සෙසු තුවාලකරුවන් 17 දෙනාද කඩිනමින් අවට රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.
චැනල් ටනල් ඉතිහාසයේ මෙවැනි දුම්රිය පටවන වේදිකාවක් මත බස් රථයක් සහ දුම්රියක් ගැටුණු පළමු අවස්ථාව මෙය ලෙසයි සටහන් වන්නේ. දැඩි ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන මෙවැනි ජාත්‍යන්තර පිවිසුම් පරිශ්රයක මෙම අනතුර සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අදාළ අංශ මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.