2026 වර්ෂය සඳහා ලෝක ප්‍රසිද්ධ 'Condé Nast Traveler Readers' සංචාරක සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවකදී මෙම අභිමානවත් සුවිශේෂී ස්ථානය ආරුගම්බේ වෙත හිමි වී තිබීම විශේෂත්වයක්.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සර්ෆින් (Surfing) ක්‍රීඩාව සඳහා ලොව පුරා සංචාරකයන් අතර ඉහළම ජනප්‍රියත්වයක් සහ ආකර්ෂණයක් දිනාගෙන තිබීම, ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ ප්‍රමුඛස්ථානයට පත්වීමට ප්‍රධානම හේතුව වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අලුත් උත්තේජනයක් ලබා දෙන මෙම අපූරු පුවතත් සමඟම, මේ වන විටත් ලොව පුරා විදෙස් සංචාරකයන්ගේ වැඩි අවධානයක් යළිත් වරක් අපේ රටේ සුන්දර වෙරළ තීරයන් වෙත යොමු වෙලා තියෙනවා.