පාප් වහන්සේගේ වැඩිමහල් සහෝදරයා වන ලුවී ප්‍රෙවොස්ට්ගේ බිරිඳ ඩෙබොරා ප්‍රෙවොස්ට්, CBS පුවත් සේවය සමඟ අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ තම සැමියා Multiple Myeloma නමැති රුධිර පිළිකා තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබන බවයි.
ඔහු 2017 වසරේදී පළමුවරට පිළිකා රෝගයට ගොදුරු වී ඇති අතර, 2019 වසරේදී ද ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මාස තුනකට පෙර රෝගය යළි මතු වී ඇති බව ඔහුගේ බිරිඳ සඳහන් කර තිබෙනවා.
මේ වනවිට ඔහු අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රෝහලක සායනික පරීක්ෂණ වැඩසටහනක් යටතේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ රෝගී තත්ත්වය කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නැති බවයි සඳහන් වෙන්නේ.
පවුලේ සාමාජිකයන් මේ වනවිට දුෂ්කර කාලයක් ගත කරන බවත්, දෙදෙනාගේම මානසික ශක්තිය රැකගැනීමට උත්සාහ කරන බවත් ඩෙබොරා ප්‍රෙවොස්ට් වැඩිදුරටත් පවසා තිබෙනවා.
මූලාශ්‍රය - BBC