සූපවේදියෙකු වීමට සිහින දකින Remy ගේ කතාව ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් අතර, එහි ජනප්‍රියත්වය සැබෑ ලෝකයේත් අපූරු වෙනසක් ඇති කළා.
2007 වසරේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම චිත්‍රපටය එරට සිනමාහල්වලට නිකුත් වීමෙන් පසුව Pets at Home සුරතල් සතුන් අලෙවි කරන වෙළඳසැල් ජාලයේ මීයන් අලෙවිය 50%කින් ඉහළ ගොස් තිබුණා.
චිත්‍රපටයේ Remy චරිතය මීයන් පිළිබඳ මිනිසුන් තුළ තිබූ සාම්ප්‍රදායික අදහස් වෙනස් කිරීමට දායක වූ බවටත් එම කාලයේ වාර්තා පළ වුණා.
කෙසේ වෙතත්, චිත්‍රපටයක් නිසා ඇතිවන ජනප්‍රියත්වයට පමණක් රැවටී සුරතල් සතුන් මිලදී නොගන්නා ලෙසත්, ඔවුන්ට ජීවිත කාලය පුරාම නිසි රැකවරණය ලබාදීමේ වගකීම අමතක නොකරන ලෙසත් අනතුරු ඇඟවීම් පළ වුණා.
එක් සජීවිකරණ චරිතයකට සැබෑ ලෝකයේ මිනිසුන්ගේ හැසිරීම්වලට බලපෑම් කළ හැකි බව පෙන්වන අපූරු උදාහරණයක් ලෙස මෙම සිදුවීම හඳුන්වා දෙන්න පුළුවන්.