මෙම සිදු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරලා තියෙනවා.
වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ වීඩියෝව මගින් අසත්‍ය තොරතුරක් සමාජගත කර ඇති බවයි...
පොලිසිය සඳහන් කරන විදියට, පහරකෑමට ලක්ව වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාගෙන් වීරගුල පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
එම ප්‍රකාශයට අනුව, වීදියවත්ත දේවාලය ඉදිරිපිට ඇති වූ රථවාහන තදබදයකදී, ලොරි රථයකින් පුද්ගලික අවශ්‍යතාවයකට ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා සහ යතුරුපැදිකරුවෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වෙලා තියෙනවා...
පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරු ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඒ අනුව පහරකෑමට ලක්වූ පුද්ගලයා අදාළ පාගමනට සම්බන්ධ වූවෙකු නොවන අතර, රථවාහන ආරවුලක් හේතුවෙන් සිදුවූ පහරදීමක් පදනම් කරගනිමින්, තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පහරදුන් බවට හුවා දක්වමින් අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට විමර්ශනවලදී තහවුරු වෙලා තියෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
මහජන නොසන්සුන්තාවයක් සහ කැළඹීමක් ඇතිවන පරිදි මෙලෙස අසත්‍ය හා තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමුකර ඇති අතර, ඊට එරෙහිව තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ.
මෙවැනි අසත්‍ය වීඩියෝ පට සම්බන්ධයෙන් මනා අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.