හැබැයි මේ දුම්වැටියෙන් පිටවෙන සුවඳ පිටිපස්සේ හැංගිලා තියෙන්නේ සෙල්ලම් මරණයක් නෙවෙයි. දුම්පානය සහ පිළිකා අතර තියෙන මාරාන්තික සම්බන්ධය ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න.
ලෝකයේ වාර්තා වෙන පෙණහලු පිළිකා රෝගීන්ගෙන් 80% කටත් වඩා වැඩි ප්‍රමාණයක් දුම්පානය කරන අය බව වෛද්‍ය වාර්තා තහවුරු කරනවා. පෙණහලු පිළිකාවට අමතරව ගලනාලය, අග්න්‍යාශය, ආමාශය, පියයුරු, මුඛය හා උගුර, ගැබ්ගෙල, මුත්‍රාශය සහ වකුගඩු ආශ්රිත පිළිකා රැසකටම දුම්පානය සෘජුවම බලපානවා.
දුම්බොන අයගේ දත් කහ පාට වෙන්නෙත්, ඇඟිලි දුර්වර්ණ වෙන්නෙත් දුම්වැටියේ තියෙන තාර (Tar) නිසයි. මේ තාර දහනය වෙද්දී පිටවන රසායනික ද්‍රව්‍ය දහස් ගණනක් අතරින් 40කට ආසන්න ප්‍රමාණයක් පිළිකා හැදෙන්න කෙළින්ම හේතු වෙනවා. ඊට අමතරව මේ භයානක විෂ වර්ගත් ඒ තුළ අඩංගුයි:
ආසනික්: දුම්වැටියේ අඩංගු භයානකම රසායනික විෂක්.
බෙන්සීන්: පෙට්රල්වල අඩංගු සංඝටකයක් වන මෙය ලියුකේමියා (ලේ පිළිකා) ඇති කිරීමට හේතු වේ.
ෆෝමැල්ඩිහයිඩ්: මිනී එම්බාම් කිරීමට සහ ජීවී කොටස් විනාශ නොවී තබාගැනීමට ගන්නා රසායනිකයක්.
නයිට්රොසැමයින: සිරුරට අතිශය අහිතකර පිළිකාකාරක සංයෝගයක්.
බොන කෙනාට වඩා ළඟ ඉන්න කෙනාට 50 ගුණයක අනතුරක්!
දුම්බොන කෙනා දුම උරද්දී (සක්‍රිය දුම්පානය) ඒ දුම ශරීරයට යන්නේ සිගරට් එකේ තියෙන ෆිල්ටර් එක හරහායි. ඒත් ඒ දුම පිටකරද්දී අවට ඉන්න අයට ඒක ආශ්වාස කරන්න වෙනවා
මෙහිදී කිසිදු පෙරනයක් නැතිව කෙළින්ම විස දුම ශරීරගත වන නිසා, දුම්බොන කෙනාට වඩා පිළිකාකාරක ඇතුළු වීමේ හැකියාව අවට සිටින අයට පනස් ගුණයකින් වැඩියි!
විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් මෙවැනි දුමෙන් සම්පූර්ණයෙන්ම ඈත් විය යුතු අතර, ආපනශාලා, සිනමා ශාලා, ක්‍රීඩාංගණ හෝ වෙරළ තීරයන් වැනි මිනිසුන් ගැවසෙන තැන්වලදී අක්‍රිය දුම්පානයට ගොදුරු වීම අතිශය භයානකයි.
තමන්ගේ විනෝදය වෙනුවෙන් තමන් පමණක් නොව, තමන්ගේ ආදරණීයයන්වත් නොදැනුවත්වම පිළිකා රෝගීන් කරන මේ මාරාන්තික පුරුද්දෙන් අදම මිදෙන්න සිතට ගන්න