මිය යන විට 67 වන වියෙහි පසු වූ ඔහු, දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයකින් පසුව මෙලෙස දිවි ගමන නිම කළ බවයි Nature Morte කලාගාරය නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ.
ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ උපත ලද පීටර් නාගි, 1982 දී ඇලන් බ්ලෙචර් සමඟ එක්ව නිව්යෝර්ක් නගරයේ ඊස්ට් විලේජ් හිදී ප්‍රථමයෙන්ම Nature Morte ආරම්භ කළා. පසුව ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කටයුතු කළ ඔහු, සුබෝද් ගුප්තා (Subodh Gupta) සහ භාරතී ඛේර් (Bharti Kher) වැනි අති දක්ෂ ඉන්දීය කලාකරුවන්ගේ අපූර්ව නිර්මාණ ලෝකයේ ප්රමුඛ පෙළේ කලාගාර හා එකතුකරන්නන් වෙත ගෙන යාමට මූලිකත්වය ගෙන කටයුතු කළ සුවිශේෂී චරිතයක්.
"ශෝකය නිසා කලාව නතර වෙන්න එපා" – පීටර්ගේ අවසන් කැමැත්ත
පීටර් නාගිගේ වියෝව කලාවට ආදරය කරන බොහෝ දෙනෙකුට මහත් කම්පනයක් ගෙන දුන්නත්, ඔහුගේ අභාවයෙන් පසුවද කලාගාරය වසා නොදැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පීටර්ගේ අවසන් කැමැත්ත වූයේ තමන් වෙනුවෙන් වැළපෙමින් කලා ප්‍රදර්ශන නවතා නොදමා, කලාකරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම අඛණ්ඩවම පවත්වාගෙන යාම බවයි. තමන්ගේ සමුගැනීම කලාවේ නැවතුමක් කර නොගන්නට තරම් කලාවට ආදරය කළ පීටර් නාගිගේ නාමය සමකාලීන කලා ඉතිහාසයේ නොමැකී සටහන් වනු නිසැකය.