තමන්ගේ ආකර්ෂණීය රංගනයෙන් වගේම සරල, සුන්දර පෙනුමෙන් රසික හදවත් දිනාගත්තු නිලූෂි, මේ දවස්වල ඉන්නේ ආදරයේ නගරය විදිහට මුළු ලෝකයම දන්නා සුන්දර ප්‍රංශයේ පැරිස් නුවරයි.
පැරිසියට පා තැබූ ඇය, තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමට ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් එක් කරමින් සංවේදී සටහනක්ද තබා තිබුණා.
"Hello, Paris! Finally, we’re here! Paris, get ready for an unforgettable night filled with music, love, and beautiful memories!"
සංගීතය, ආදරය සහ සුන්දර මතකයන්ගෙන් පිරුණු අමතක නොවන රාත්‍රියකට සූදානම් වන බව පවසමින් ඇය පළ කළ මෙම ඡායාරූප පෙළ දුටු රසික රසිකාවියන් ඇගේ අලංකාරත්වය බෙහෙවින් අගය කරමින් සුබපැතුම් එක් කර තිබෙනවා. පැරිසියේ සිසිල් පරිසරයත් සමඟ නිලූෂිගේ මුහුණේ තිබෙන ඒ සිරියාවන්ත, ප්‍රසන්න සිනහව නිසා එම ඡායාරූපවලට ලැබී තිබුණේ සුවිශේෂී ආකර්ෂණයක්.
විදෙස්ගතව සිටියත් නිරන්තරයෙන්ම රසිකයන් සමඟ සමීපව රැඳී සිටින නිලූෂිගේ මෙම පැරිස් සංචාරයේ සුන්දර ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගනිමින් තිබෙනවා.