නිරන්තරයෙන්ම විලාසිතාවන්ගෙන් කැපී පෙනෙන ඇය, ජනප්‍රිය තරු යුවළක් වන දුෂේනි සහ චතුරංගගේ මංගල උත්සවයට එක්වෙලා තිබුණේ මුළු උත්සව සභාවම වශී කරවන ආකාරයේ අලංකාර විලාසිතාවකින්.
මෙම මංගල සාදයට පැමිණි දිනිති, සිරුරට මනාව ගැළපෙන, සියුම් ග්ලිටර් එම්බ්‍රොයිඩර් වැඩ දැමුණු දිගු ගවුමකින් හැඩවී සිටියා. සරාගී high-slit කැපුමකින් යුත් එම ඇඳුම නිසා ඇයට ලැබී තිබුණේ රාජකීය හා ආකර්ෂණීය පෙනුමක්. අලංකාර high ponytail කොණ්ඩා මෝස්තරය සහ එයට ගැළපෙන දිදුලන කරාබු යුවළකින් සැරසුණු ඇය, ඉතාම ප්‍රසන්න, සිරියාවන්ත සිනහවකින් යුතුව ඡායාරූපවලට පෙනී සිටියා.
උත්සවයට පැමිණි කාගෙත් නෙත් සිත් පැහැරගත් දිනිතිගේ මෙම සුන්දර පෙනුම දුටු ඇගේ රසික රසිකාවියන්ද සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ සිරියාවන්ත බව සහ විලාසිතා හැකියාව නොපැකිළව අගය කර තිබුණා.