මෙන්න හිරු ලග්න පලාපල විස්තරය!අද දින ඉර උදාව පෙරවරු 05.57ට සිදුවන අතර, ඉර බැසීම සිදුවන්නේ පස්වරු 05.55ටයි. අද දවසේ රාහු කාලය පස්වරු 01.27 සිට 02.57 දක්වා ක්‍රියාත්මක වන බැවින් එම කාලය තුළ වැදගත් කටයුතු ආරම්භ කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.
ඔබේ ලග්නයට අද දවස බලපාන්නේ කෙසේදැයි පහතින් පැහැදිලිව දැනගන්න.
මේෂ ලග්නය: විවාහ දිවියේ සතුට, සාමය නොඅඩුව ලැබෙන වාසනාවන්ත දිනයකි. සහකරු හෝ සහකාරිය සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව සැලසේ.
වෘෂභ ලග්නය: ගමන් බිමන්වලදී වෙනදාට වඩා ප්‍රවේශම් විය යුතුය. නොසැලකිලිමත් ලෙස ගමන් යාමෙන් කරදර ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න.
මිථුන ලග්නය: ආදායම් මාර්ගවල සැලකිය යුතු යහපත් වර්ධනයක් දක්නට ලැබේ. අතමිට සරු වන, සතුටුදායක මුදල් ලැබීම් පෙන්නුම් කරයි.
කටක ලග්නය: අතගසන සෑම කටයුත්තක්ම සාර්ථකත්වයට පත්වන ඉතාම සුබ දවසකි. බලාපොරොත්තු වූ වැඩකටයුතු බාධාවකින් තොරව ඉටු කරගත හැක.
සිංහ ලග්නය: දවසේ කටයුතුවලදී විවිධ බාධක සහ අවහිරතා මතු වීමේ ඉඩක් පවතී. ඉවසීමෙන් යුතුව එම ගැටලුවලට මුහුණ දීම වැදගත් වේ.
කන්‍යා ලග්නය: රැකියා කටයුතුවල නිරත වන අයට ඉතාමත් සුබදායකයි. උසස්වීම්, ඇගයීම් හෝ රැකියාවේ නව අවස්ථා උදා විය හැක.
තුලා ලග්නය: හදිසි අනතුරු පිළිබඳ අවදානමක් පවතින බැවින් දැඩි ලෙස ප්‍රවේශම් වන්න. වාහන ධාවනයේදී මෙන්ම යන්ත්‍ර සූත්‍ර භාවිතයේදීත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.
වෘශ්චික ලග්නය: වියදම් පාලනය කර ගැනීම අද දවසේ අනිවාර්යයෙන්ම කළ යුත්තකි. අනවශ්‍ය වියදම් නිසා මූල්‍ය අපහසුතා ඇති වීමට ඉඩ ඇත.
ධනු ලග්නය: සතුරු පීඩා හෝ විරුද්ධවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉස්මතු විය හැකි දිනයකි. අන් අය සමඟ ගනුදෙනු කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න.
මකර ලග්නය: කලබල නොවී ඉවසීමෙන් සියලු කටයුතු කළ යුතු දවසකි. හදිසි තීරණ ගැනීමෙන් වැළකී සන්සුන්ව වැඩ කරන්න.
කුම්භ ලග්නය: සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් බෙල්ල සහ උගුර ආශ්රිත ආබාධ හෝ වේදනා මතු විය හැකි බැවින් පරිස්සම් වන්න.
මීන ලග්නය: අධ්‍යාපන කටයුතුවල නියැළෙන අයට ඉතාම සුබ ඵල ගෙනදෙන දිනයකි. විභාග සහ පාඩම් කටයුතුවලින් ජයග්‍රහණ අත්කර ගත හැක.