එහෙම නැත්නම් ජනේලයක් පොඩ්ඩක් ඇරලා තියලා, අමතර යතුරත් කවුරුත් දන්න අර "පහසු තැනක" හංගලා යන්න පුරුදු වෙලාද ඉන්නේ?
සැලකිලිමත් වන්න. ඔබ හිතනවාට වඩා ඔබේ නිවසේ ආරක්ෂාව දැන් බරපතල තර්ජනයකට ලක්වෙලා තිබෙන්න පුළුවන්. ඔබ පිටවී යන ඒ පුංචි විනාඩි පහ වුණත් සොරෙකුට තමන්ගේ වැඩේ පෙන්වන්න අතිශයින්ම ප්‍රමාණවත් වෙන්න පුළුවන්...
දොර අගුළු නොදැමීම: ගෙදරින් මොන තරම් ඉක්මනට එළියට ගියත්, දොරක් නිසි ලෙස අගුළු නොදැමීමෙන් ඔබ කරන්නේ සොරුන්ට ගෙට ගොඩවැඩෙන්න විවර කර දීමකි. ඒ වගේම උණුසුමියි කියා ජනේලයක් විවෘතව තබා යාමෙන්, නිවසේ ආරක්ෂාව තත්පරයකින් බිඳී යා හැක.
ගෙදර අමතර යතුර දොර ළඟ මැස්ස උඩ, පාවහන් රාක්කයේ හෝ මල් පෝච්චිය යට වැනි පහසුවෙන් සොයාගත හැකි තැන්වල සඟවා තැබීමේ පුරුද්ද වහාම අත්හරින්න...
දැන්ම ආරක්ෂා වන්න - මේ දේවල් මතක තබා ගන්න...
නිවසින් පිටවීමට පෙර සෑම දොරක් සහ ජනේලයක්ම නිසි ලෙස අගුළු දමා ඇති බවට තහවුරු කරගන්න. කිසිවිටෙකත් නිවසින් පිටත පහසුවෙන් සොයාගත හැකි ස්ථානවල අමතර යතුරු සඟවා තබන්න එපා. ඔබේ ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ නිතරම දැඩි විමසිල්ලෙන් පසුවන්න.
මතක තබා ගන්න....ඔබේ නිවසේ ආරක්ෂාව ආරම්භ වන්නේ වෙන කවුරුන්වත් නිසා නොව, ඔබේම කල්පනාවෙන් සහ සැලකිල්ලෙන්, අදම ඔබේ ගෙදර ආරක්ෂාව ගැන දෙවරක් සිතා බලන්න..