ඒ අනුව පවත්වන සම්මුඛ පරීක්ෂණයේ පළමු වටය සඳහා මෙවර කැඳවනු ලබන්නේ 17,000ක පිරිසක් වන අතර, එම 17,000කගේ නම් ලැයිස්තුව අද දින නිකුත් කරනු ලබන බව ඔහු සඳහන් කරන්නේ...
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාලක කලුවැව මහතා කියා සිටියේ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති ආකාරයට ගුරු පුරප්පාඩු 23,000ක් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි...
ඒ අනුව පළමු වටයේ දී විභාග ක්‍රමවේදය අනුව ඉල්ලුම් කිරීම, විෂයන් තෝරා ගැනීම, පළාත් සහ ජාතික වශයෙන් බෙදී යාම ආදී කරුණු පදනම් කරගනිමින් පළමු අදියරේදී සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවිය හැක්කේ 17,000ක පිරිසකට පමණි.
කෙසේ වෙතත්, ඉදිරියේදී ඊළඟ වටයට ගොස් මෙම පුරප්පාඩු 23,000ම සම්පූර්ණ කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බව ලේකම්වරයා තහවුරු කරනවා.
මෙම විභාගය තුළින් සියලු පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නොවැම්බර් මස 15 වන දින සිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි නාලක කලුවැව මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ...