මෙම අනතුර සිදුව ඇත්තේ අද (14) දිනයේදීය. අනතුරින් තුවාල ලැබූ දෙදෙනා වහාම බගවන්තලාව ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ...
බගවන්තලාව පොලිස් වසමට අයත් කෙටියගල වත්ත මැද කොටස දක්වා මෙම ලොරි රථය ධාවනය වෙමින් තිබී ඇති තර එහිදී වංගුවක් සහිත ප්රදේශයකදී ලොරිය ඉදිරියට ධාවනය කර ගැනීමට නොහැකි වී ඇති අතර, එය පාලනය කරගැනීමට උත්සාහ කරමින් පසුපසට ගැනීමට යාමේදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ප්රපාතයට කඩා වැටී ඇතැයි පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පවසනවා.
අනතුරින් ප්රවාහනය කළ කිරි බහාලුම්වලට මෙන්ම ලොරි රථයට ද දැඩි අලාභහානි සිදුව වෙලා තියෙනවා කියලා තමයි දාන ගන්න ලැබෙන්නේ... රියැදුරුගේ අවධානම අඩුවීම හා නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම මෙම අනතුරට ප්රධාන හේතුව වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
කොහොම වුණත් බගවන්තලාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා කියලා තමයි වාර්තා වෙන්නේ...