ඒ වනාන්තරයක් අයිනේ අතරමංව, අසරණව සිටි නාඳුනන සතුන් පැටවුන් පස්දෙනෙකු සොයාගැනීමත් සමඟයි.
තැඹිලි පාටට හුරු රතු පැහැති ලොම් සහ දිගු අත්පා සහිත මේ අපූරු අමුත්තන්ව දැකගන්න ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් වටවී ඇති අතර, ආරංචිය ලද සැණින් ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී සියල්ලන්ම මවිතයට පත්වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, මේ අසරණව සිටින්නේ ලෝකයේ අතිශය දුර්ලභ, සුමාත්‍රා සහ බෝර්නියෝ වනාන්තරවලට පමණක් සීමා වූ ලොව බුද්ධිමත්ම ක්ෂීරපායී සතෙකු වන 'ඔරංඔටන්' (Orangutan) පැටවුන් පස්දෙනෙකු බව හෙළිවීම නිසයි.
මුහුදු හතකින් එපිට උපත ලබන මේ කැලෑ බිළිඳුන් ඉන්දියාවේ වනාන්තරයකට ආවේ කොහොමද කියන එක නිලධාරීන්ටත් අදහාගත නොහැකි ප්‍රහේලිකාවක් වුණා. පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මාස 18කටත් අඩු වයසේ පසුවන මෙම කිරිසප්පයන් පස්දෙනා ඔවුන්ගේ මව්වරුන්ගෙන් ඉතාමත් අමානුෂික ලෙස උදුරාගෙන, ජාවාරම්කරුවන් විසින් මෙසේ අතරමඟ දමා ගොස් ඇති බවයි.
වනජීවී සංරක්ෂකයින් පෙන්වා දෙන්නේ මේ අහිංසක පැටවුන් පස්දෙනා පිටුපස සැඟව ඇත්තේ ලොව පුරා හොර රහසේ ක්‍රියාත්මක වන ඇමරිකානු ඩොලර් බිලියන 20ක දැවැන්ත, නීති විරෝධී වනජීවී ජාවාරම් ජාලයක අඳුරු සුලමුල බවයි. මේ වන විට එම ජාත්‍යන්තර කළු ජාවාරම පිටුපස සිටින මහ මොළකරුවන් සොයා පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා