මේ වන විට එම සිදුවීම අධිකරණය හමුවේ තවත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් විභාගයෙන්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා හදිසියේම ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ප්‍රධාන විනිසුරුවරයා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වීමත් සමඟම, පෙත්සම් සලකා බැලීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම ආන්දෝලනාත්මක පෙත්සම ඉදිරියේදී සලකා බැලීමට නියමිතයි.
බන්ධනාගාරය තුළ ඥානසාර හිමියන්ගේ සිවුරට කුමක් සිදුවේද, අධිකරණයෙන් බන්ධනාගාරයට ලැබෙන නියෝගය කුමක්ද යන්න පිළිබඳව මේ වන විටත් මුළු රටේම සහ සමාජ මාධ්‍යවල දැඩි කුතුහලයක් සහ අවධානයක් මතුව තිබෙනවා.