ඒ, 2026 වසරේ ලොව හොඳම වනජීවී ඡායාරූපයට හිමි කිරුළ දිනාගත් ඡායාරූපය නිසාවෙනි.
නැමීබියාවේ හුආබ් ගංගා නිම්නයේදී කැමරා කාචයේ සටහන් කරගත් මෙම දසුනෙන් දිස්වන්නේ, අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් තම බිළිඳු පැටවාගේ දේහය අතහැර දැමීමට නොහැකිව, මහත් ශෝකයෙන් යුතුව ඔසවාගෙන යන අලි මවකගේ හද කම්පා කරවන දසුනකි.
ඉතාලි ජාතික ප්රවීණ වනජීවී ඡායාරූප ශිල්පී ෆෙඩරිකෝ වෙරෝනෙසි විසින් මෙම දුර්ලභ ඡායාරූපය ගනු ලැබූ අතර, මෙය දුටු සැණින් කාගෙත් දෙනෙතට කඳුළක් එක් වන බව නොරහසක්.
වසර 20ක වනජීවී ඡායාරූපකරණ දිවිය තුළ තමන් දුටු වඩාත්ම වේදනාකාරී මෙන්ම සිත් කාවදින අවස්ථාව මෙය බව පවසන වෙරෝනෙසි, සතුන් යනු හුදු තිරිසනුන් නොව ගැඹුරු බැඳීම්, අතීත මතකයන් සහ මිනිසුන්ටත් වඩා ඉහළ සංවේදී හැඟීම් සහිත ජීවීන් කොට්ඨාසයක් බව ලොවටම පෙන්වා දීමට මෙම ඡායාරූපය සමත් වූ බව කියා සිටියි.
ලොව පුරා පරිසර ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති මෙම සම්මානනීය ඡායාරූපය ඇතුළත් වාර්ෂික ප්රදර්ශනය එළඹෙන ඔක්තෝබර් 16 වන සිකුරාදා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.