පසුගිය දිනවල රටම කතාබහ කළ ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි සිල්වා සහ කඩවසම් රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කුගේ දෙවැනි මනමාල මංගල උත්සවය ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ අතිඋත්කර්ෂවත් අන්දමින්.
මේ සොඳුරු රාත්‍රියට කලා ක්ෂේත්රයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසක් එක්ව සිටි අතර, ඒ අතරින් කාගේත් විශේෂ ආකර්ෂණය දිනාගත්තේ ප්‍රියතම නළු රන්ජන් රාමනායකගේ පැමිණීමයි.
මනාල යුවළ වූ දුෂේනි සහ චතුරංග සමඟ ඉතාම සුහදශීලීව සහ සිනහමුසුව ඡායාරූපවලට පෙනී සිටි රන්ජන්, එම අපූරු ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කර තිබුණා.
"දුෂේනිගෙයි චතුරංගගෙයි Homecoming එකට සුබ පතන්න ගියා.. හරිම ලස්සනයි..." යනුවෙන් ඔහු තබා තිබූ චාම් එහෙත් හදවතට දැනෙන කෙටි සටහන දුටු සැනින් රසික රසිකාවියන් විශාල පිරිසක් ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා.
වයසට නොයන තාරුණ්‍යයේ සංකේතයක් බඳු රන්ජන්, සුපුරුදු ආකර්ෂණීය පෙනුමෙන් යුතුව මනාල යුවළට ආශිර්වාද එක්කළ අයුරු සහ ඔවුන් සමඟ ගතකළ මිත්‍රශීලී අවස්ථාවන් කැමරා කාචයට හසුව තිබුණේ ඉතාමත් චමත්කාරජනක ලෙසයි. රාජකීය සහ අලංකාර විලාසිතාවලින් සැරසී සිටි දුෂේනි සහ චතුරංග අසලින් රන්ජන් පෙනී සිටි ආකාරය දුටු බොහෝ දෙනා සඳහන් කළේ, "ලංකාවේ සුපිරිම තරුවක් මේ ලස්සන ජෝඩුවට සුබ පතන්න ආපු එකෙන් මංගල්‍යයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වුණා" කියලයි.
ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර සුළු වේලාවක් ඇතුළත දහස් ගණනින් ලයික් සහ කමෙන්ට් ගලා ආවේ, නව යුවළට මෙන්ම සදාතනික සුපිරි තරුව වන රන්ජන්ටද නොමඳ ආදරය පළ කරමින්. රන්ජන් රාමනායක දුෂේනි සහ චතුරංග සමඟ ගත් ඒ සොඳුරු ඡායාරූප පෙළ පහතින් නරඹන්න.