පහුගිය දවස් ටිකේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක විතරක් නෙවෙයි, මුළු සමාජ මාධ්‍ය ජාලාම එකම යුධ පිටියක් බවට පත් කරපු මාතෘකාව තමයි කර්තෘ භාග හෙවත් සින්දුවලට ගාස්තු අය කිරීමේ අලුත් ප්ලෑන් එක.
හෝටල්, සංගීත සංදර්ශන විතරක් නෙවෙයි පොඩි පොඩි ඉවෙන්ට්වලටත් ලයිසන් ගන්න ඕන කියපු කතාවට රට පුරා පැතිරුණේ ලොකු ආන්දෝලනයක්.
ක්ෂේත්රයේ ප්‍රවීණයන්, සංගීත කණ්ඩායම්, ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා වගේම සාමාන්‍ය ප්‍රේක්ෂකයොත් මේකට එරෙහිව හඬ නඟන්න පටන් ගත්තාම, ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) එකපාරටම තමන්ගේ තීරණය වෙනස් කරලා.
නිල නිවේදනයක් නිකුත් කරමින් ACPOSL එක කියලා තියෙන්නේ දැනට යෝජනා කරලා තිබුණු සියලුම බලපත්‍ර ලබාදීමේ සහ ගාස්තු අය කිරීමේ කටයුතු තාවකාලිකව සම්පූර්ණයෙන්ම අත්හිටුවන්න තීරණය කළා කියලා.
සංගීත ක්ෂේත්රයේ අයගෙන් ආපු දැඩි විරෝධය සහ විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරපු අදහස් සලකා බලලා තමයි පාලක මණ්ඩලය මේ බ්රේක් එක ගහන්න තීරණය කරලා තියෙන්නේ. මේ තාවකාලික තහනම ලබන නොවැම්බර් මාසේ පැවැත්වෙන සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම (AGM) වෙනකම් ක්‍රියාත්මක වෙන බවයි දැනගන්න ලැබෙන්නේ.
හැමෝගෙම විශේෂ අවධානය දිනාගත්ත කාරණය තමයි මේ නිවේදනය අස්සේ තිබුණු සමාව ගැනීම! පසුගිය දවස්වල මේ සිදුවීම නිසා ක්ෂේත්රයේ කාට හරි හෝ මහජනතාවට යම් අපහසුතාවක්, සිත් රිදවීමක් වුණා නම් ඒ ගැන සංගමය දැඩි කනගාටුව පළ කරනවා කියලත් ඒ අය නිල වශයෙන්ම කියලා තියෙනවා. සමාජ මාධ්‍යවල මේ ගැන කතා වුණේ "වැඩේ ගැස්සුණාම ශේප් වෙන්න දාපු සමාව ගැනීමක්ද?" කියන කුතුහලයත් එක්කයි.
කොහොම වුණත් මේකෙන් තමන්ගේ නීතිමය බලතලවලට කිසිම හානියක් වෙන්නේ නෑ කියලත් සංගමය මතක් කරලා දෙන්න අමතක කරලා නෑ. ක්ෂේත්රයේ හැමෝම එක්ක ආයෙත් සාකච්ඡා කරලා, ගාස්තු ක්‍රමවේදය අලුතින් සංශෝධනය කරලා නොවැම්බර් මාසේ මහා සභාවට ඉදිරිපත් කරන බවත්, ඊටපස්සේ ඒක රජයේ ගැසට් පත්‍රයේ පළ කරන බවත් වාර්තා වෙනවා.
දැනට ප්රශ්නය ශේප් වුණත් නොවැම්බර් මාසෙන් පස්සේ ආයෙත් මේ 'සින්දු ගාස්තු' අර්බුදය කරළියට එයිද කියන එක ගැන දැන් ක්ෂේත්රයේ හැමෝම බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්!