Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Oct
13
මකුණෙක් කළ හදියක්.. මගීන්ට ප්‍රහාරයක් , අවසානයේ ගුවන් ගමනත් අවලංගුයි..

- මකුණෙක් කළ හදියක්.. මගීන්ට ප්‍රහාරයක් , අවසානයේ ගුවන් ගමනත් අවලංගුයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ගුවන් යානයක පැය ගණනක් සුවපහසුවෙන් ගමන් කරන්න හිතාගෙන ගුවන්ගත වුණු මගීන් පිරිසකට සිදුවුණේ හිතාගන්නවත් බැරි අකරතැබ්බයක්..

ඒ ඉතාලියේ රෝම නුවර සිට ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිතව තිබූ ක්වන්ටාස් (Qantas) ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇඳ මකුණන් පැතිර යාමේ සිද්ධියක්.

වාර්තා වන අන්දමට, පසුගිය සිකුරාදා පර්ත් නුවර සිට රෝමය දක්වා පැය 17කට ආසන්න කාලයක් පියාසර කළ එම ගුවන් යානයේ ගමන් කළ මගීන් කිහිපදෙනෙකු තමන්ව ඇඳ මකුණන් සපා කෑ බවට පැමිණිලි කර තිබෙනවා.

හිතන්නකෝ… පැය ගණනක් ගුවන් යානයක ගමන් කරන අතරේ නිදහසේ විවේක ගන්නවත් බැරිව, මකුණන්ගේ සපා කෑම් නිසා කැසීමෙන් පීඩා විඳින්න සිදු වුණොත් කොහොමද?

වාර්තා අනුව, කැසීම සමනය කිරීම සඳහා මගීන්ට ඖෂධ ලබාදී තිබුණත් පසුව ඒවා අවසන් වී ඇති බවත් සඳහන් වනවා.

කොහොම වුණත්, මේ සිද්ධියෙන් පස්සේ ගුවන් සේවයත් දැඩි පියවරක් ගෙන තිබෙනවා. මකුණන් හමුවූ බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය විශේෂ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සාමාන්‍ය පන්තියේ ආසන කිහිපයක මෙම ගැටලුව හඳුනාගැනීමෙන් පසු ඉංජිනේරු සහ නඩත්තු කණ්ඩායම් යොදවා විශේෂ පිරිසිදු කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වූ බව ක්වන්ටාස් ගුවන් සේවය පවසා තිබෙනවා.

මේ නිසා ගුවන් ගමනත් අවලංගු කිරීමට සිදුව ඇති අතර, මගීන්ගෙන් සමාව ඉල්ලා ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා දී තිබෙනවා. එමෙන්ම, පැය 48ක් ඇතුළත විකල්ප ගුවන් ගමන් සඳහා ඔවුන් යොමු කිරීමටත් ගුවන් සේවය කටයුතු කර තිබෙනවා.

ඇඳ මකුණන් කියන්නේ ඇඳ ඇතිරිලි, ඇඳුම් සහ ගෘහ භාණ්ඩ අතර සැඟවී ජීවත් විය හැකි කුඩා පරපෝෂිතයන් විශේෂයක්. ඔවුන්ගේ සපා කෑම් නිසා කැසීම ඇතිවිය හැකි අතර, මේ සතුන් සම්පූර්ණයෙන් තුරන් කිරීමත් පහසු කටයුත්තක් නොවන බව සඳහන්.

මේ අතර, ඇඳ මකුණන් නිසා ප්‍රවාහන සේවා අඩාල වූ පළමු අවස්ථාව මෙයත් නොවෙයි. මීට පෙර එංගලන්තයේ දුම්රිය සේවා කිහිපයක් ද රියදුරන්ගේ කුටිවල ඇඳ මකුණන් හමුවීම හේතුවෙන් අවලංගු කර තිබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top