රංගනයට අමතරව විලාසිතා ලෝකයේත් නිරන්තරයෙන්ම අලුත් හැඩතල මවන ඇය, සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරකාවක්.
පසුගිය දවසක ශලනි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් වෙත අලුත්ම ඡායාරූප පෙළක් එක් කර තිබුණේ කාගෙත් නෙත් සිත් එකවරම පැහැරගන්නා අයුරින්. ඊට හේතුව ඇය ඇඳ සිටි අතිශය චමත්කාරජනක දීප්තිමත් කහ පැහැති ඇඳුම සහ ඒ සමඟින් ඇය තබා තිබූ ගැඹුරු ආදරණීය සටහනයි.
“Wearing sunshine…” හිරු කිරණක් බඳු සුන්දරත්වය
ශලනි මේ මනරම් ඡායාරූප පෙළ සමඟින් අපූරු සටහනක් එක් කර තිබුණා..
“Some days.., happiness looks like wearing sunshine.”
සමහර දවස්වලට.., සතුට කියන්නේ හරියට හිරු එළිය ඇඳගත්තා වගේ දෙයක්.
දීප්තිමත් කහ පැහැති ඇඳුමින් සැරසී, මුහුණ පුරා විසිරුණු අව්‍යාජ සුන්දර සිනහවකින් යුතුව පෙනී සිටි ශලනිගේ රුව දුටු බොහෝ දෙනෙකුට සිහිපත් වූයේ උදෑසන පිබිදුණු සූරියකාන්ත මලක් බඳු නැවුම් බවක්. කහ පැහැයේ තියෙන ජීවගුණය සහ දීප්තිය ඇගේ රූප සෝභාව තවත් තීව්ර ලෙස ඉස්මතු කර පෙන්වීමට සමත්ව තිබුණා.
මේ සුන්දර පින්තූර පෙළ අන්තර්ජාලයට එක්වීමත් සමඟම කලා ක්ෂේත්රයේ මිතුරු මිතුරියන් මෙන්ම රසික රසිකාවියන් දහස් ගණනින් ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා.
නිරන්තරයෙන්ම තමන්ගේ විලාසිතාවලින් සහ පෞරුෂයෙන් අලුත් ආලෝකයක් එක්කරන ශලනි තාරකාගේ මේ අලුත්ම Sunshine Look එක, ඇගේ සුන්දරත්වයට තවත් අපූරු අරුතක් එක් කළ අවස්ථාවක් බව නොඅනුමානයි.

