සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
චාමර සම්පත් දසනායක ඉකුත් 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නිතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.
අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ඉකුත් 2023/ 07/ 11 දින රැස්වීමක් පවත්වා අදාල බලපත්‍ර ලබා දෙන ලෙසට සැකකරු විසින් බලපෑම් කර ඇති බවත් ඒ සදහා ඉකුත් 2023/07/23 දින භු විද්‍යා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට ඒ බව සඳහන් කර ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇති බවයි.
මෙම සැකකරු ඔහුගේ පුද්ගලික ලේකම්වරයා වන දැනට මෙම සිද්ධියේ රක්ෂිතබන්ධනාර ගත කර සිටින සුමතිපාල ලියනාරච්චිගේ බැංකු ගිණුමකට මෙම මුදල බැර කරවා ගෙන ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු එම අල්ලස් මුදල සිය දේශපාලන වැඩවලට භාවිතා කර බවට කරුණු අනාවරණය වන බවයි මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ අල්ලස් කොමිසම මෙම සිද්ධියට අදාලව බී වර්තා දෙකක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් කිසිම අල්ලස් මුදලක් ලබා ගත් බවක් දක්නට නොලැබෙන බවත්ය.
මෙම සිද්ධියට අදාලව සාක්ෂිකරුවන් 15 දෙනකුගෙන් ප්‍රකාශ ගන්නවා යැයි අල්ලස් කොමිසම සඳහන් කර ඇති අතර, ඒ කිසිදු අයකුගෙන් මගේ සේවාදායකයා බලපැම් කළා හෝ කුමන්ත්‍රණය කළා කියලා සදහන් වන්නේ නැති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.