ජීවිතයේ ඉදිරියට යද්දී එල්ල වෙන බාධක සහ විවේචන හමුවේ නොසැලී ඉදිරියට යන්නේ කොහොමද කියන දේ ගැන ඇය ගැඹුරු පැහැදිලි කිරීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
“සමාජ මාධ්‍යවල කුහක කතාවලට බයවෙලා හැංගෙන්න එපා!”සමාජ මාධ්‍ය ජාලාවලින් හෝ වෙනත් අයගෙන් එල්ල වන සෘණාත්මක විවේචන, කින්ඩි දැමිලි සහ නින්දාවන්ට බිය වී කිසි විටෙකත් පසුබට නොවිය යුතු බව කත්රිනා දැඩිව අවධාරණය කරනවා.
එවැනි බියවීම් සහ කඩා වැටීම්වලට ඉඩ දුනහොත් ජීවිතයේ කිසිම දෙයක් සාක්ෂාත් කර ගැනීමට හෝ ඉදිරියට යාමට කිසිවෙකුටත් නොහැකි වන බවයි ඇය පෙන්වා දෙන්නේ.
“හැමෝම සතුටු කරන්න ගියොත් වෙන්නේ විනාශයක්!”අනුන්ගේ මතයන් සහ කතාබස් වෙනුවෙන් තමන්ගේ ආත්ම ගෞරවය කිසිවිටෙකත් පාවා නොදිය යුතු බව කත්රිනා මෙහිදී පවසනවා.
ලෝකයේ ඉන්න හැමෝවම සතුටු කරන්න උත්සාහ කිරීමෙන් සිදුවන්නේ අනවශ්‍ය මානසික පීඩනයකට ලක්වීම පමණක් බව පෙන්වා දෙන ඇය, අනෙක් අයගේ නිස්කාරණ විවේචන සැහැල්ලුවෙන් මඟහැර තමන්ගේ ජීවිත ඉලක්කයන් කෙරෙහි පමණක් අවධානය යොමු කළ යුතු බවට උපදෙස් දෙනවා.
සුපිරි තරු පවා සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක්වන මේ යුගයේ, තමන්ට එල්ල වන කටකතා සහ නින්දා හමුවේ නොසැලී තමන්ගේ ගමන යන හැටි කත්රිනා කියා දුන් මේ පාඩම කාටත් ජීවිතයට ලොකු ශක්තියක්!