අද කාලේ දරුවෙක්ව තනියම කොහේවත් යවන්න බැරි තරමටම සමාජය පිරිහිලා කියලා ඔප්පු කරන අලුත්ම දත්ත ටිකක් තමයි ජාතික ළමා රක්ෂක අධිකාරියෙන් එළියට දාලා තියෙන්නේ.
ඔබ දන්නවාද? මේ වසරේ මේ ගතවුණු කාලය ඇතුළත පමණක් ළමයින් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් 9,613ක් වාර්තා වෙලා තියෙනවා! මේක ඇත්තටම ඕනෑම කෙනෙකුගේ ඇඟකිලිපොලා යන තත්ත්වයක්.
මේ හිතාගන්නවත් බැරි තරමේ කම්පන සහගත තොරතුර හෙළි කළේ ජාතික ළමා රක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකා ශානිකා මලල්ගොඩ මහත්මිය විසිනුයි.
ඇය මේ බව විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තිබුණේ ඊයේ කොළඹදී පැවැත්වුණු "ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය" සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින් වීමත් විශේෂත්වයක්.
මේ වාර්තා වෙලා තියෙන්නේ නීතිය ඉදිරියට ආපු සිදුවීම් පමණයි. සමාජයට බයේ, ලැජ්ජාවට වහන් කරගෙන ඉන්න අපයෝජන සිදුවීම් තවත් කොතරම් ඇත්ද? ඒ නිසා ඔබේ ගැහැණු දරුවා ගැන වගේම, පිරිමි දරුවාගේ ආරක්ෂාව ගැනත් දෙවතාවක් හිතන්න කාලය ඇවිත්.