මෙලෙස අකාලයේ මරුමුවට පත්ව ඇත්තේ රත්නපුර ප්රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය සඳහන් කළ පරිදි, මෙම ට්රැක්ටර් රථය හොරණ සොරණවත්ත දෙසට රබර් දර ප්රවාහනය කරමින් තිබිලා තියෙනවා. එහිදී රියැදුරුට ට්රැක්ටර් රථය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් එය හදිසියේම මාර්ගයෙන් ඉවතට පැන ගැඹුරු බෑවුමකට පෙරළී ගොස්.
අනතුරින් බරපතල තුවාල ලැබූ ට්රැක්ටර් රියැදුරු වහාම හොරණ රෝහලට ඇතුළත් කර ඇතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ...
හොරණ පොලිසිය විසින් මෙම අනතුරට හේතුව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.