විශේෂයෙන්ම අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් පස්වරු කාලයේදී එළිමහන් කටයුතුවල නිරත වන සහ ගමන් බිමන් යන පිරිස් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත් වනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි පවා ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරනවා.
මේ අතර, වැසි තත්ත්වයට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී අධික මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
එම නිසා අළුයම් කාලයේ රථවාහන පදවන රියදුරන්ද මීදුම් තත්ත්වය හේතුවෙන් සැලකිලිමත්ව රථවාහන ධාවනය කරන ලෙස ඉල්ලා සිටිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.