වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ, පහතරට තෙත් කලාපය තුළ සිදුවන ශීඝ්‍ර කර්මාන්තකරණය, සංවර්ධන ව්‍යාපෘති සහ ජනාවාස ව්‍යාප්තිය හේතුවෙන් සතුන්ට තමන්ගේ ස්වාභාවික වාසස්ථාන අහිමි වී ඇති බවයි.
එපමණක් නොව, ආහාර දාමයන්හි සිදුවූ බිඳවැටීම සහ විලෝපිකයන්ගේ ගහනය අඩුවීමද මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මොණර බිත්තර ආහාරයට ගන්නා නරියන් වැනි විලෝපිකයන් අඩුවීම නිසා මොණරුන්ගේ ගහනය පාලනයකින් තොරව ඉහළ ගිහිල්ලා තියෙනවා...
ඒ වගේම කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ජනාවාස තුළට වඳුරන් කඩා වැදීමේ සිදුවීම් ඉහළ ගොස් තියෙනවා කියලත් සඳහන් වෙනවා.
හෝමාගම ප්‍රදේශයේ මුවන් දැකගත හැකි වී ඇත්තේ, මීට පෙර නිවසක ඇතිකිරීම සඳහා ගෙන ආ මුවන් කිහිපදෙනෙකු බෝ වීම නිසා බවයි වාර්තා වන්නේ.
සතුන්ගෙන් මිනිසුන්ට පහරදීමක්, සපාකෑමක් හෝ වෙනත් උපද්‍රවයක් සිදුවුවහොත් වහාම ක්‍රියාත්මක වීමට කොළඹ, ගම්පහ, මුතුරාජවෙල සහ අත්තිඩිය යන ප්‍රාදේශීය වනජීවී කාර්යාල සූදානමින් සිටිනවා.
අනතුරුදායක සතුන් අල්ලා සුදුසු වාසස්ථාන වෙත මුදා හැරීමටත්, තුවාල ලබන සතුන් අත්තිඩිය වනජීවී රෝහලෙන් ප්‍රතිකාර ලබා දී වියළි කලාපයේ ජාතික වනෝද්‍යාන වෙත මුදා හැරීමටත් වනජීවී දෙපාර්තමේන්තුව පියවර අරගෙන තියෙනවා.