නමුත් රාත්‍රී ආහාර වේල අතරතුර විහිළු තහළු කරමින්, කාර්යබහුල සමාජ ජීවිතයක් ගත කරමින්, රැකියාවේදී අතිශයින් දස්කම් දක්වන එම පුද්ගලයා දෙස ඔබ කවදා හෝ ගැඹුරින් බලා තිබේද?
'සිනහවෙන් සඟවන විෂාදය' (Smiling Depression) ලෙස හැඳින්වෙන තත්ත්වය පිටුපස ඇත්තේ එවැනිම අපූරු සහ සංවේදී කතාවක්..
නිල වශයෙන් පිළිගත් රෝග විනිශ්චයක් නොවුනත්, මෑතකදී මේ පිළිබඳව ලෝකය පුරා දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ පර්යේෂිකාවක වන වෛද්‍ය ඔලිවියා රෙමස් පවසන විදියට, "මෙයින් අදහස් වන්නේ පිටතින් සතුටින් සිටින බවක් පෙන්වමින්, ඇතුළතින් මානසික අවපීඩනයෙන් සහ කනස්සල්ලෙන් පසුවීමයි."
විෂාදයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර ක්‍රමයක් අත්විදිනවා. ඔවුහු තමන් මුහුණ දෙන අසීරුතාවන් 'මාස්කින්' (Masking) හෙවත් ආවරණය කරගැනීමේ ක්‍රියාවලිය හරහා සමාජයෙන් වසන් කිරීමට උත්සාහ කරනවා. තමන් මුහුණ දෙන පීඩනය කාර්යබහුල ජීවිතයක අතුරුඵලයක් පමණක් යැයි සිතමින් ඇතමෙක් මෙය නොදැනුවත්වම සඟවා ගනිද්දී, තවත් පිරිසක් පරිපූර්ණත්වයට ඇති උනන්දුව නිසා වෙනත් කිසිවෙකුට මෙය නොපෙන්වීමට දැඩි උත්සාහයක් දරනවා...
ඔබ නොදකින, බොහෝ දෙනා මඟහරින ලක්ෂණ 7ක්...
පිටතින් සියල්ල සාර්ථකව පවත්වාගෙන ගියද, මෙම තත්ත්වයෙන් පෙළෙන අය තුළ පවතින සැබෑ ලක්ෂණ කිහිපයක් විශේෂඥයෝ පෙන්වා දෙනවා...
1. විනෝදාංශවලින් ඈත්වීම හා සාමාන්‍යයෙන් ප්‍රිය කළ දෑ කරදරයක් ලෙස දැනීම.
2. ශරීරයේ අසාමාන්‍ය බර ගතිය, එදිනෙදා චලනයන් සඳහා පවා වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම.
3. නිතර සැලසුම් වෙනස් කිරීම, සැබෑ හැඟීම් සැඟවිය නොහැකි තත්ත්වයක් උදාවන විට හදිසියේ වැඩසටහන් අවලංගු කිරීම.
4. වැඩිපුර නිදාගත්තද දැඩි වෙහෙසක් දැනීම, දවස අවසානයේදී සහ සවස් කාලයේදී තත්ත්වය වඩාත් නරක අතට හැරීම.
5. අධික සංවේදීතාව, විවේචන හෝ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ සාමාන්‍යයට වඩා දැඩිව කම්පාවට පත්වීම.
6. ප්රතිවරුද්ධ හැසිරීම්, සාදවලදී අතිශයින් ප්‍රීතිමත් සහ ජවසම්පන්න චරිතයක් ලෙස පෙනී සිටීම.
7. අභ්‍යන්තර ඍණාත්මක සිතුවිලි, පිටතින් ආත්ම විශ්වාසයෙන් පෙනුණද, තමන් ගැනම දැඩිව විවේචනය කරගනිමින් හිස් බවක් දැනීම.
මෙම තත්ත්වය හඳුනාගෙන, තමන් විශ්වාස කරන අයෙකු සමඟ ඒ ගැන කතා කිරීමෙන් කුඩා පියවරක් තැබිය හැකි බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙනවා . එමඟින් තමන් මේ හැඟීමෙන් තනි වී නැති බව වැටහී යනු ඇත. ඔබත් යම් අසීරුතාවකට මුහුණ දෙන්නේ නම්, වෛද්‍යවරයෙකු හෝ විශේෂඥයෙකු හමුවී උපදෙස් ලබාගැනීම වඩාත් ඵලදායී වෙනවා.
BBC සිංහල පුවත් සේවය ඇසුරෙන්