ජීවිතයේ සුවිශේෂීම දවසක් වන උපාධි ප්රදානෝත්සවය දින, තම අම්මා සහ තාත්තා සමඟ ගත් ඒ ආදරණීය ඡායාරූපය දකින ඕනෑම අයකුගේ දෙනෙතට නොදැනීම කඳුළක් එක්රැස් වනු නිසැකයි.
ඉපදුණු දා සිට දෙනෙතේ අන්ධකාරය සමඟ පොරබදමින් ජීවිතය ජයගත් මේ ආදරණීය මව්පියන් දෙපළ, අද වන විට මුළු රටම කතා කරන ආදර්ශයක් බවට පත්ව තිබෙනවා. තම දරුවා කුඩා කාලයේ සිටම ලොකු මහත් කර, හොඳින් උගන්වා, අද මෙලෙස උපාධිධාරියෙකු කර සමාජයට දායාද කරන්නට මේ දෙමව්පියන් විඳී දුක සහ කැපකිරීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.
මේ ආදරණිය අම්මගේ සහ තාත්තගේ දෙනෙත් පෙනෙන්නේ නැත. එකම කණගාටුව එය වුවත්, පුතුගේ සාර්ථකත්වය ඉදිරියේ ඒ සියලු දුක් කම්කටොලු අද පරාද වී ගොස් හමාරයි...
තම දෑස් නොපෙනුණද, පුතාගේ අනාගතය අභිමානවත් ලෙස බබළනවා දකින විට මේ අම්මගේ සහ තාත්තගේ හිතේ ඇති වන සතුට කින්ද මැනිය හැකිද?
දරුවෙකුගේ ජයග්රහණය හමුවේ දෙමව්පියන් ලබන ඒ උත්තුංග සතුට මීට වඩා අපූරුවට කෙසේ නම් කියාපාන්නද? අන්ධකාරය මැදින් පුතුට ජීවිතයේ ආලෝකය ලබා දුන් මේ අපූරු අම්මාට සහ තාත්තා සැබවින්ම සසරක්ය...