බීබීසී (BBC) පුවත් සේවය වාර්තා කරන්නේ, මෙම ජයග්‍රහණයත් සමඟ උතුරු අයර්ලන්තයේ පිහිටි ගසක් මෙම ගෞරවනීය සම්මානය දිනාගත් ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වන බවයි.
'බෙන්ඩි ට්‍රී' (Bendy Tree) හෙවත් ඇඹරුණු ගස ලෙස ප්‍රසිද්ධ මෙම විස්මිත නිර්මාණය, උතුරු අයර්ලන්තයේ කවුන්ටි ඩවුන් (County Down) ප්‍රදේශයේ නිව්කාසල් (Newcastle) නගරයේ ප්‍රධාන වෙරළබඩ මංතීරුවේ පිහිටා තිබෙනවා.
වුඩ්ලන්ඩ් ට්‍රස්ට් (Woodland Trust) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගයේදී, සමස්ත මහජන ඡන්දවලින් 30%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගැනීමට මෙම අමුතු ගස සමත් වී තිබීම විශේෂත්වයක්.
එහි ඇති සුවිශේෂී හැඩය සහ වසර 150ක් තිස්සේ පරිසර බලපෑම් හමුවේ පෙන්වූ නොසැලෙන ඔරොත්තු දීමේ හැකියාව මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූ බවයි වුඩ්ලන්ඩ් ට්‍රස්ට් සංවිධානයේ උතුරු අයර්ලන්ත අධ්යක්ෂ ජෝන් මාටින් (John Martin) ප්‍රකාශ කර ඇත්තේ.