විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම නවතම දුරකථන සඳහා පාරිභෝගික ඉල්ලුම පහළ යාම හේතුවෙන් එම දුරකථනවල ඇතැම් කොටස් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ ඇණවුම් අඩු කිරීමට ඇපල් සමාගම පියවර ගෙන ඇති බවයි.
නිකේයි ඒෂියා (Nikkei Asia) මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය සඳහන් කරන්නේ, ඔක්තෝබර් මාසය සඳහා ඇණවුම් කර තිබූ දුරකථන කොටස් ප්‍රමාණය මුලින් ඉල්ලා සිටි ප්‍රමාණයට සාපේක්ෂව අවම වශයෙන් 15%කින් අඩු කර ඇති බවයි.
ලෝක වෙළෙඳපොළේ Memory Chip මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දුරකථන මිල ගණන් වැඩිවීම හේතුවෙන් මෙලෙස පාරිභෝගික ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය උසස් චිප සහ මතක චිප ලබාගැනීමට ලොව පුරා තාක්ෂණික සමාගම් අතර විශාල තරගයක් නිර්මාණය වීම නිසා වෙළෙඳපොළ තුළ දැඩි චිප හිඟයක් සහ මිල ඉහළ යාමක් ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය ඉදිරියේදී සමස්ත පරිගණක සහ ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළටම තදින්ම බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.