ඔහුගේ රංගන පරාසය, හඬ භාවිතය මෙන්ම දැනුම හා පෞරුෂය සිංහල සිනමාවට, ටෙලි නාට්‍යයට සහ වේදිකාවට එක් කළේ අසමසම ආලෝකයකි.
ඔහු අප අතරින් සමුගෙන අදට (ඔක්තෝබර් 09) වසර තුනක් සපිරෙන මොහොතේ, ඔහුගේ සමීපතමයින්ගේ සිතේ ඇති මතකයන් සහ වේදනාව තවමත් එලෙසින්ම පවතියි. ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය සොහොයුරු, ප්‍රවීණ රංගන ශිල්පී සුදත් ඇන්තනී මහතා සිය මුහුණු පොතේ තැබූ සටහන ඕනෑම කෙනෙකුගේ හදවත සංවේදී කරවන සුළුයි...
"මගේ ආදරම පොඩි අයියෙ.......අදට අවුරුදු 3ක්"
කාලය කෙතරම් වේගයෙන් පියඹා ගියත්, ඒ අසමසම කලාකරුවාණන් අපේ හදවත් තුළ තැබූ මතකයන් කිසිදා මිය යන්නේ නැත.