ඒ, ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී ඇගයීම් දෙකක් එකවර තම නමට නතු කරගනිමින්...
මාලදිවයිනේ පැවැත්වුණු දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) හොඳම උරුම හෝටලය (Best Heritage Hotel) වෙනුවෙන් පිරිනමන රන් සම්මානය ප්‍රථම වතාවට දිනාගන්න ගාලු මුවදොර හෝටලයට හැකියාව ලැබුණා.
ඊට අමතරව, ලෝක ප්‍රකට Condé Nast Traveller Readers’ Choice Awards 2026 හි 'Rest of Asia' කාණ්ඩය යටතේ ආසියාවේ 6 වැනි ස්ථානය දිනා ගැනීමටත් මොවුන් සමත් වුණා.
1864 වසරේ සිට, එනම් වසර 160කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ගාලු මුවදොර හෝටලය, තමන්ගේ ඓතිහාසික උරුමයත් රැකගනිමින් නවීන ලෝකයට ගැළපෙන ලෙස ලබාදෙන සුවිශේෂී ආගන්තුක සත්කාරය වෙනුවෙනුයි මේ ඇගයීම හිමිවෙලා තියෙන්නේ.
හෝටලයේ සභාපති සංජීව් ගාඩිනර් (Sanjeev Gardiner) මහතා ඇතුළු කළමනාකාරීත්වයේ මඟපෙන්වීම සහ කැපවී සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලයේ එකමුතුකම නිසයි ශ්‍රී ලංකාවේ නම ලෝකය ඉදිරියේ මෙලෙස බැබළුණේ.