"ශ්‍රී ලාංකික යුතුකම ඉටු කරමු" යන තේමාව යටතේ "මනුෂ්‍යත්වයේ, ආදරයේ, කරුණාවේ අත්සන" ලෙස නම් කර ඇති මෙම ජාතික මෙහෙවරේ මංගල පියවර අද පෙරවරුවේ තැබුවේ ඓතිහාසික මාතර දෙවුන්දර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාල පුදබිමේදීයි.
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ ආශිර්වාදයෙන් පැවැත්වුණු විශේෂ දේව පූජාවකින් අනතුරුව මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණා.
මෙම පුණ්‍ය අවස්ථාව වෙනුවෙන් මහා සංඝරත්නය, භික්ෂුණීන් වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියා.
අද (09) සිට එළඹෙන ඔක්තෝබර් 18 වන දින දක්වා දිවයින පුරා ප්‍රධාන නගර රැසක් ආවරණය කරමින් මෙම අත්සන් ලබාගැනීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතයි.
එහි පළමු අදියර යටතේ එකතු කෙරෙන අත්සන් ලක්ෂ 10ක ප්‍රමාණය, ඔක්තෝබර් 18 වන දා ඓතිහාසික මිහින්තලා පුදබිමේදී මහානායක හිමිපාණන් වහන්සේලා වෙත නිල වශයෙන් භාර දීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.