ගායනයෙන් වගේම රංගනයෙනුත් ප්රේක්ෂකයින්ගේ හිත් දිනාගත්තු මේ දෙන්නාගේ ආදර කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
පසුගිය දවස්වල මේ ආදරණීය යුවළ ජපානයේ සංචාරයක නිරත වුණා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ මේ ලස්සන සංචාරයේ අපූරු මතකයන් සෝෂල් මීඩියා හරහා ප්රේක්ෂකයින් එක්ක බෙදාගන්නත් ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ.
විශේෂයෙන්ම සඳනි තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණු ඡායාරූප පෙළක් මේ දවස්වල ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගෙන තියෙනවා. මේ ඡායාරූප අරගෙන තියෙන්නේ ජපානයේ තියෙන ලෝක ප්රසිද්ධ ටෝකියෝ ඩිස්නිසී වලදී. ඩිස්නිසී කියන්නේ හරියට සුරංගනා ලෝකයක් වගේ තැනක්. ඉතින් මේ ලස්සන පරිසරය මැදින්, පුංචි ළමයි දෙන්නෙක් වගේ හරිම සතුටින් කාලය ගත කරන පියත් සහ සඳනිගේ අපූරු ඡායාරූප කීපයක් මේකට ඇතුළත් වෙලා තිබුණා.
මේ ලස්සන ෆොටෝස් ටික දාන ගමන් සඳනි පුංචි, හැබැයි ලස්සන කැප්ෂන් එකකුත් දාලා තිබුණා.
"A day straight out of a fairytale"
ඇත්තටම ඒ ෆොටෝස් දකිද්දි ඕනෙම කෙනෙක්ට හිතෙන්නේ ඒ වගේම තමයි. ආදරෙන් බැඳුණු මේ සුන්දර යුවළ ටෝකියෝ වල ඩිස්නි සී එකේ කරපු ඒ ලස්සන සංචාරය, ඇත්තටම එයාලගේ ජීවිතේ සුරංගනා කතාවක් වගේ ලියවෙන්න ඇති.
සඳනිගේ මේ ෆේස්බුක් පෝස්ට් එකට ප්රේක්ෂකයින්ගෙන් හරිම ආදරණීය ප්රතිචාර ලැබෙමින් පවතිනවා. පියත් - සඳනිගේ මේ ලස්සන ආදර ගමන, තවත් මේ වගේම සුන්දර මතකයන්ගෙන් පිරෙන්න කියලා අපිත් ආදරෙන් සුබ පතමු!