කාලෙන් කාලෙට තමන්ගේ පවුලේ ලස්සන තොරතුරු වගේම අලුත් දේවල් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න මේ දෙන්නා අමතක කරන්නේ නැහැ.
ඔන්න දැන් මේ සුන්දර කැදැල්ලෙන් ප්‍රේක්ෂකයින්ට තවත් සුබම සුබ ආරංචියක් අරගෙන ඇවිත් තියෙනවා. ඒ තමයි මේනක - නෙහාරා පවුලට තවත් පුංචි අමුත්තෙක්, එහෙමත් නැත්නම් ඔවුන්ගේ තුන්වෙනි දරුවා එකතු වෙන්න යනවා කියන සතුටුදායක පුවත!
මේ සතුටුදායක ආරංචිය එයාලා රසිකයින්ට කිව්වේ හරිම ආදරණීය විදිහටයි. සුරංගනා කතාවක් වගේ ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක ඡායාරූප පෙළක් එක්ක නෙහාරා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කරලා තිබුණේ කාගෙත් හිත් ආදරෙන් පුරවමින්. ඇය ඒ සටහන තියලා තිබුණේ මේ විදිහටයි:
"සමහර ආදර කතා තරු මත ලියවෙනවා... අපේ කතාවත් ආදරය, මිත්‍රත්වය, සහ කාලයත් එක්ක තවත් ශක්තිමත් වෙන බැඳීමකින් පිරුණු ලස්සන ගමනක්. ජීවිතේ හැම පරිච්ඡේදයකදීම අපිව එකතු කරපු ඒ පුංචි ආදර පුළිඟුව අපි අල්ලගෙන හිටියා. අපේ හිනාවල තියෙන බැඳීම, එකිනෙකාගේ තුරුලේ තියෙන සැනසීම වගේම අපිව 'අපි' කරපු ඒ නිහඬ බැඳීම කියා නිම කරන්න බැහැ.
අපේ ආදර කතාවේ තවත් ලස්සන කඩඉමක් සමරන මේ වෙලාවේ, සැමියා සහ බිරිඳ විතරක් නෙවෙයි, හොඳම යාළුවෝ විදිහට මේ ලස්සන ජීවිත ගමන යන්න ලැබීම ගැන අපි නිමක් නැතුව සතුටු වෙනවා. ඉතින් දැන් අපේ හිත් ලෑස්ති වෙන්නේ අපේ තුන්වෙනි ආශිර්වාදය මේ ලෝකෙට පිළිගන්නයි.
ආදරේ කරන්න පුංචි හිත් තුනක්... අපේමයි කියාගන්න ලස්සන පවුලක්.. ඒ වගේම තවත් ලස්සන මතක ගොඩක් ඉස්සරහට හැදෙන්න තියෙනවා. අපේ ජීවිතේ කොයි තරම් පරිච්ඡේද ලියවුණත් අපි කවදත් තෝරගන්නේ අපිවමයි. අපේ ආදරය, අපේ බලාපොරොත්තුව, අපේ සදාකාලිකත්වය... දැන් අපි පස් දෙනෙකුගෙන් යුත් පවුලක්."
මේ ලස්සන සටහන දැක්කම නම් හිතෙන්නේ කාලයත් එක්ක මෙයාලගේ ආදරේ කොයි තරම් නම් අලුත් වෙලාද කියලා. තුන්වෙනි දරුවත් එක්ක පස් දෙනෙක් වෙන මේනක - නෙහාරා කැදැල්ලට තවත් ආදරෙන්, සතුටින් පිරිච්ච අනාගතයක් ලැබෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතමු!