අද දවසේ වැදගත්ම වෙලාව වන රාහු කාලය යෙදී තිබෙන්නේ පෙරවරු 10.28 සිට 11.58 දක්වායි.අද දවසේ ලග්න 12ටම බලපාන ග්‍රහ තත්ත්වයන් සහ ඒ ඒ ලග්න හිමියන්ට ලැබෙන විශේෂ පලාපල විස්තරය මෙන්න.
මේෂ ලග්නය: මේෂ ලග්න හිමියන්ට අද දවසේදී වැඩකටයුතු කිරීමේදී ඉක්මන් නොවී, උපරිම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට උපදෙස් ලැබෙනවා.
වෘෂභ ලග්නය: සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු දිනයක්. විශේෂයෙන්ම සෙම් රෝග ආශ්රිත අපහසුතාවලින් ප්‍රවේසම් විය යුතුයි.
මිථුන ලග්නය: විදේශ ගමන් බිමන් හෝ පිටරට සම්බන්ධ බලාපොරොත්තු තබාගෙන සිටින මිථුන ලග්න හිමියන්ට අද ඉතාමත් සුබදායක ප්‍රතිඵල උදා වෙනවා.
කටක ලග්නය: ආර්ථික පැත්ත ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු දිනයක්. මුදල් නාස්තිය වළක්වාගෙන නිසි ලෙස මුදල් කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍යයි.
සිංහ ලග්නය: සිංහ ලග්න හිමියන්ට අද දවස උදාවෙන්නේ ඉතාමත් වාසනාවන්ත දිනයක් ලෙසයි. බලාපොරොත්තු වන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල හිමිවිය හැකියි.
කන්‍යා ලග්නය: මානසික සැනසීම හා සතුට නොඅඩුව හිමිවන දිනයක් වන අතර, සිතේ සතුට ඇතිවන ආකාරයේ ප්‍රීතිමත් සිදුවීම් අත්විඳීමට අවස්ථාව සැලසේ.
තුලා ලග්නය: ගමන් බිමන්වල නිරතවීමේදී දැඩිව කල්පනාකාරී විය යුතු අතර අනතුරු හෝ කරදර වළක්වා ගැනීමට ප්‍රවේසම් විය යුතුයි.
වෘශ්චික ලග්නය: හිතේ කාලයක් තිස්සේ තිබුණු සුබ බලාපොරොත්තු සහ අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට හැකි සුබදායක දිනයක් බව සඳහන්.
ධනු ලග්නය: මෙතෙක් කල් පැවති ගැටලු, අවහිරතා සහ ප්‍රශ්න සාකච්ඡාවෙන් හෝ බුද්ධිමත්ව විසඳා ගැනීමට මඟපෑදෙන දිනයක්.
මකර ලග්නය: වැඩකටයුතුවලට පැවති බාධක, කරදර මඟහැරී ගොස් ඉදිරි ගමන පහසු කරවන දිනයක් උදාවී තිබෙනවා.
කුම්භ ලග්නය: අද දවසේදී ආවේගශීලී වීමෙන් වළකින්න. ක්ෂණිකව ඇතිවන කෝපය පාලනය කරගෙන ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.
මීන ලග්නය: ඕනෑම තීරණයක් ගැනීමේදී මෙන්ම ක්රියාකිරීමේදීත් ක්ෂණික නොවී, දුර දිග බලා බුද්ධිමත්ව කටයුතු කිරීම වඩාත් සුදුසුයි.