කාලයක් පුරාවට ඔවුන් දෙදෙනා ගොඩනගාගත් ආදර කතාව, මෑතකදී හරිම සුන්දර විවාහ මංගල්‍යයකින් හැමෝගෙම ආශිර්වාද මැද සම්පූර්ණ වුණා.
විවාහයෙන් පසුව අලුත් බලාපොරොත්තු එක්ක තමන්ගේම කියලා ලස්සන ජීවිතයක් ගොඩනගන්න පටන්ගත්තු මේ ආදරණීය යුවළ, පසුගියදා තමන්ගේ ජීවිතේ තවත් අපූරු කඩඉමක් පසුකරන්නට සමත් වුණා. ඒ ඔවුන් දෙදෙනාගේම එකමුතුවෙන් අලුත් වාහනයක් මිලදී ගැනීමයි.
තමන්ගේ ජීවිතේට එකතු වුණු මේ අලුත්ම සතුට ගැන ඔවුන් අදහස් දක්වා තිබුණේ මේ විදිහටයි:
"අපි දෙන්නා අලුතෙන්ම ජීවිතේ පටන් අරගෙන, අපි තීරණය කරා අද වාහනයක් ගන්නවා කියලා. අපි හිතුවා අලුතෙන්ම අපේ දේවල් අලුත් විදිහට පටන් අරගන්න ඕනේ කියලා."
තමන් ආදරය කරන කෙනාවම ජීවන සහකරුවා කරගෙන, මේ වගේ එකට එකතු වෙලා ජීවිතේ ලස්සනට පියවරෙන් පියවර ගොඩනගනවා දකින එකත් ප්‍රේක්ෂකයින්ගේ හිතට ගෙනෙන්නේ පුදුමාකාර සතුටක්. ආදරය කරන හැමෝටම මේ වගේ තමන්ගේ හීන හැබෑ කරගෙන, විවාහයෙන් පස්සේ ජීවිතේ අලුතින්ම සතුටින් පටන් ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි අපේ හැමෝගෙම ප්‍රාර්ථනාව.
ජීවිතේ අලුත් පිටුවක් පෙරළපු චතුරංග - දුෂේනි යුවළට, ඔවුන්ගේ ඉදිරි ගමන තවත් සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා!