මියයන විට 75 වැනි වියෙහි පසුවූ ඔහුගේ මෙම හදිසි වියෝව, ඔහු සමඟ ඉතා සමීපව කටයුතු කළ ජනප්‍රිය නළු රිතේෂ් දේශ්මුක්ගේ (Riteish Deshmukh) හදවත දැඩි ලෙස රිදවූ පුවතක් වුණා.
තමන්ගේ රංගන දිවියේ ආදර්ශමත් නළුවෙකු මෙන්ම මුත්තණුවන් කෙනෙකු මෙන් ආදරය කළ නානා පටේකාර්ගේ අභාවයත් සමඟම, රිතේෂ් දේශ්මුක් සිය කම්පනය ප්‍රකාශ කර තිබුණා.
"අද මට වචන නැහැ. මගේ හදවතට අකුණු පහරක් වැදුණා වගේ දැනෙනවා,...නානා ගිහින්... මේ එකම වාක්‍යය මගේ මනස හිරිවැටී යන තරමටම මා නිහඬ කරලා.
ඔබ රංගනයෙන් සීමා මායිම් නැති අහස වගෙයි. ඔබේ සුවිශේෂී රංගන විලාසය තුළින්, කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි ස්ථානයක් ප්‍රේක්ෂක හදවත් තුළ ඔබ හිමිකර ගත්තා.
ඇතැම්විට තිරය මත බැබළෙන වීරයෙක්, ඇතැම් විට ඇඟ කිලිපොළා යන සුළු දුෂ්ටයෙක්, තවත් විටෙක බැරෑරුම් මුහුණක් පිටුපස සැඟවුණු හාස්‍යය පිරුණු විනෝදකාමීයෙක්.
ඔබේ රංගනය තුළ සෑම වර්ණයක්ම ජීවමාන විය.
ඔබ තිරය මත වීරයෙකු වුවත්, තිරයෙන් පිටුපස ඊටත් වඩා උතුම් මිනිසෙකු විය. 'Bluffmaster' සහ 'Housefull 5' චිත්‍රපටවලදී ඔබ සමඟ එකට රඟපෑමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. නමුත් මරාති චිත්රපටයකදී ඔබ සමඟ වැඩ කිරීමට තිබූ ආශාව ඉටු නොවූ සිහිනයක් විදිහට ඉතිරිව ඇත.
ඔබේ වචන, මා ඔබ සමඟ කළ සංවාද, පිටට තට්ටු කරමින් දක්වපු අගය කිරීම් සහ අපි එකට සිනාසුණු අවස්ථා තමයි මගේ සැබෑම වත්කම්. ඔබේ පවුලේ සාමාජිකයන්ට, ආදරණීයන්ට සහ මිලියන ගණනක් වන රසිකයන්ට මාගේ හෘදයාංගම සංවේගය පළ කරනවා.
සැබෑවටම, අද එක් යුගයක අවසානයක්. හෘදයාංගම උපහාරය."
bbc පුවත් සේවය ඇසුරෙන්