ඉතින් අද දවස මේ ආදරණීය යුවළට ගොඩක් විශේෂ දවසක්. ඒ තමයි ක්‍රිෂාන්ගේ උපන්දිනය අද දිනට යෙදී තිබීම.
තමන්ගේ ආදරණීය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් ශේෂාද්‍රි ඇගේ ෆේස්බුක් ගිණුමේ හරිම අපූරු වගේම ආදරණීය සටහනක් එක්ක ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා.
"Happyyyy b’day Hubble bubble.Found some old pics of us, coz we have no pics together anymore… there’s always a little rabbit in our pics..."
ඔන්න ඔය විදිහට තමයි ශේෂාද්‍රි ඒ ලස්සන ෆොටෝස් ටිකට කැප්ෂන් එකක් දාලා තිබුණේ. මේ දාලා තියෙන පරණ ඡායාරූපවල දෙන්නම හරිම සතුටින්, ආදරෙන් ඉන්න හැටි කාගෙත් හිතට ගෙනෙන්නේ ලොකු සතුටක්.
හැබැයි ශේෂාද්‍රි කියන විදිහට දැන් මේ දෙන්නට විතරක් තනිවම ගත්තු අලුත් ඡායාරූප නැහැල්ලු. මොකද දැන් එයාලගේ හැම ෆොටෝ එකකම එයාලගේ ආදරණීය පුංචි පැටියා ඉන්න නිසා.
දරුවෙක් ලැබුණට පස්සේ අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි ලෝකයම දරුවා වෙනුවෙන් වෙන් වෙන විදිහ ගැන හරිම ආදරණීයව කියවෙන මේ පෝස්ට් එකට මේ වෙද්දීත් මුහුණුපොතේ රසිකයින්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
පරණ මතකයන් අවදි කරමින් මේ විදිහට ආදරණීය උපන්දින සුබපැතුමක් එක් කළ ශේෂාද්‍රි - ක්‍රිෂාන් කැදැල්ලට හැමදාමත් ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලත්, ක්‍රිෂාන්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලත් අපිත් උණුසුම්ව ප්‍රාර්ථනා කරනවා!



