දශක ගණනාවක් පුරාවට තමන්ගේ අද්විතීය රංගන කුසලතාවයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් සිය දිවි ගමනට සමුදී තිබෙනවා.
හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ගෝවා හි පිහිටි සිය නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විට ඔහුගේ වයස අවුරුදු 75ක්. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන විදිහට, ඔහුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විනාඩි 45කට ආසන්න කාලයක් වෛද්‍යවරුන් ඔහුව බේරාගැනීමට දැඩි උත්සාහයක් දරා තිබෙනවා. නමුත් ඒ කිසිදු උත්සාහයකට ප්‍රතිචාර නොදක්වා ඔහු සදහටම දෙනෙත් පියාගෙන අවසන්.
මේ හදිසි වියෝව සැලවන මොහොතේ ඔහුගේ පුත් මල්හාර් පටේකාර් පූනේ නුවර සිට ඇති අතර, පියාගේ අභාවය ගැන ආරංචි වූ වහාම ඔහු ගෝවා බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
1951 ජනවාරි 1 වැනිදා මහාරාෂ්ට්‍රයේ උපත ලැබූ නානා පටේකාර් කියන්නේ තමන්ටම ආවේණික වූ තියුණු රංගන ශෛලියක්, සුවිශේෂී දෙබස් උච්චාරණයක් සහ සංකීර්ණ චරිත නිරූපණයක් තුළින් සිනමාවේ නොමැකෙන සටහනක් තැබූ අද්විතීය නළුවෙක්. 1978 වසරේදී 'Gaman' චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පය තැබූ ඔහු එදා මෙදා තුර චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. මෑතකදී තිරගත වූ ජනප්‍රිය 'Housefull 5' හාස්‍යජනක චිත්‍රපටයේද සහායක චරිතයකින් ඔහුව දැකගන්නට ලැබුණා.
ඉන්දීය සිනමාවට දැවැන්ත පාඩුවක් කරමින් නික්ම ගිය නානා පටේකාර් නම් ඒ විශිෂ්ට කලාකරුවාට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු!