කලා ක්ෂේත්රයේ තරු රැසකගේ සහභාගීත්වයෙන් හරිම ආකර්ෂණීය විදිහට ඔවුන්ගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා.
විවාහයෙන් දින කිහිපයකට පස්සේ, මේ ආදරණීය යුවළගේ මංගල දිනයේ ගත්තු ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් චතුරංග තමන්ගේ නිල ෆේස්බුක් ගිණුමට එක් කරලා තිබුණා. ඒ ඡායාරූපවලටත් වඩා හැමෝගෙම අවධානය දිනාගත්තේ ඒ එක්කම ඔහු තියලා තිබුණු ආදරණීය වගේම අපූරු අර්ථයක් ගෙන දෙන සටහනයි.
"ඉතින් මා නුඹව බැන්දා... අපිට සුබ ප්‍රාර්ථනා කරපු , ආශිර්වාද කරපු සියලුම ආදරණීයන්ට ආදරෙයි ! ස්තූතියි. වැටෙනකන් බලා සිටින සියලු දෙනාටත් ගොඩාක් ආදරෙයි ! ස්තූතියි.."
තමන්ට ආදරය කරන, ආශිර්වාද කරන හැමෝටම ස්තූති කරන ගමන්ම, ඔවුන්ගේ වැටීම බලාපොරොත්තු වෙන අයටත් මේ විදිහට ආදරෙන් ස්තූති කරන්න චතුරංග අමතක කරලා තිබුණේ නැහැ. මේ අපූරු සටහනත් එක්ක පළවුණු ඔවුන්ගේ මංගල ඡායාරූපවලට මේ වෙද්දී රසිකයින්ගෙන් ඉහළම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ මේ සුන්දර ආරම්භයට හදවතින්ම සුබපැතුම් එක්කරමින් සිටිනවා.
ලස්සනම ලස්සන කතන්දරයක් විදිහට පටන් ගත්තු මේ ආදරණීය යුවළගේ නව දිවිය සතුටින් පිරුණු එකක් වෙන්න කියලා අපිත් උණුසුම්ව සුබ පතනවා!