විශේෂයෙන්ම පස්වරු 1.00 න් පසුව එළිමහනට බහින හෝ ගමන් බිමන් යෙදෙන පිරිස් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි වාර්තා වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පස්වරු කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි. ඒ අතරිනුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වැසි පතිත වීමේ දැඩි අවදානමක් පවතිනවා.
තද වැසි සමග ක්ෂණිකව හමා එන තාවකාලික තද සුළං සහ දරුණු අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අදාළ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද හවස් වරුවේ ගමන් බිමන් සැලසුම් කර ඇත්නම් කුඩයක්, වැහි කබායක් ළඟ තබා ගැනීමටත්, අකුණු අනතුරු ගැන දෙවරක් සිතා ආරක්ෂිතව සිටීමටත් අමතක කරන්න එපා!